Delivery Service

At LMC Sri Lanka, our aim is to deliver your orders to you quickly and securely, wherever you are in Sri Lanka, always doing the best justice to your money.

We provide our service to hundreds of our loyal customers across the island every month and we are committed to providing you with the highest level of service at all times.

Mainly The time frame for order delivery is divided into two parts:

Processing time:

This includes verifying your order, production process, quality inspection and packaging.

Your order will be verified by phone within 24 hours of placing the order, after which the production process will begin. The production process takes about 2-4 weeks.

Delivering the order to the customer:

Here your order will be delivered to the place you want (the place mentioned at the time of purchase) and this process will take between business 1-2 days. Our specially trained delivery crew will be directed to deliver our glass products to you safely and quickly.

* Please note that the dates mentioned here may change for some reason. Upon receipt of your order, our agent will contact you by phone and notify you of the time taken to receive the order. If you need to place an urgent order, please contact us before placing an order.

081-206 0000 | 077-605 9050

 

LMC ශ්‍රී ලංකා අපගේ අරමුණ සෑම විටම හිතවත් පාරිභෝගික ඔබගේ මුදලට උපරිම සාධාරණය ඉටු කරමින් ශ්‍රී ලංකාව තුල ඔබ කොතැනක සිටියත් ඔබගේ ඇනවුම් ඉතා ඉක්මණින් හා සුරක්ෂිතව ඔබ වෙත ලබාදීමයි.

සෑම මසකම දිවයින පුරා අපගේ හිතවත් පාරිභෝගිකයින් සිය ගණනකට අපගේ සේවාව ලබා දෙන අතර සෑම විටකම ඔබට ඉහලම මට්ටමේ සේවාවක් ලබා දීමට අප කැප වී සිටින්නෙමු.

ප්‍රධාන වශයෙන් ඇනවුමක් ඔබ වෙත ගෙන්වා දීමේදී ගත වන කාල සීමාව කොටස් දෙකකි.

සැකසුම් කාලය:

ඔබ විසින් දෙනු ලැබූ ඇනවුම තහවුරු කර ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය, තත්ත්ව  පරීක්ෂාව සහ ඇසුරුම්කරණය මෙයට අයත් වේ.

ඇනවුම අප වෙත ලබා දී පැය 24ක් ඇතුලත ඔබගේ ඇනවුම දුරකතන මාර්ගයෙන් තහවුරු කරගැනීම සිදු කෙරෙන අතර ඉන් පසු නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සති 2-4 ක පමණ කාලයක් ගත වේ.

ඇනවුම පාරිභෝගිකයාට ලබා දීම:

මෙහිදී ඔබගේ ඇනවුම ඔබට අවශ්‍ය ස්ථානයට(මිලදී ගැනීමේදී සඳහන් කළ ස්ථානයට) ගෙනවිත් භාරදීම සිදු කරන අතර මෙම ක්‍රියාවලිය සඳහා ව්‍යාපාරික  දින 1-2 ත් අතර කාලයක් ගත වේ. අපගේ වීදුරු වලින් සමන්විත නිෂ්පාදනයන් ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ඉතා ආරක්ශාකාරීව හා ඉක්මණින් ඔබ වෙතට භාර දීම සඳහා විශේෂ පුහුණුව ලත් අපගේ සේවකයන් යොමු කරනු ලැබේ.

*මෙහි සඳහන් කාල සීමාවන් යම් හේතූන් මත වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබගේ  ඇනවුම අප වෙත ලැබුණු විට අපගේ නියෝජිතයෙකු ඔබ හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වන අතර එහිදී ඇනවුම සඳහා ගතවෙන කාලය පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇත. ඔබට හදිසි ඇනවුමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඇනවුම් කිරීමට පෙර අපව අමතන්න.

081-206 0000 | 077-605 9050